දඹදිව ලංකාව බවට සාදක පෙළගැස්ම

මේ දක්වා සොයාගත් මුලාශ්‍ර ඔස්සේ දඹදිව යනු ඉන්දියාව නොව, ලංකාවම වන බවට තහවුරු කිරීම.

දඹදිව ලංකාව බවට අදහසේ මූලාරම්භය

බුදුන් වහන්සේ ඉන්දියානුවෙකු නොව ලාංකිකයකු යන අදහස ලාංකීය ජනතාව තුල පාරම්පරික වශයෙන් තිබුණු බව දක්නට ලැබේ. එබැවින් ඉන්දියානු බුද්ධගයා සටනේදී අනගාරික ධර්මපාල තුමාට සහයෝගිය දීමට ලංකික භික්ෂුන් වහන්සේලා හෝ බෞද්ධ ප්‍රජාව ඉදිරිපත් වී නොමැත. එලෙසම දේශපාලන වශයෙන් හෝ සහයෝගයක් දී නොමැත. හෙලබොදු මතය සම්බන්ධව මෑත ඉතිහාසයේ පළමුව දක්නට ලැබෙන්නේ රොබර්ට් නොක්ස් නාවිකයාගේ වාර්තාවෙය. නුවර (candy) අධිරාජ්‍යයා එකම දවසේ උපන් යශෝදරා හා සිද්ධර්ථ කුමරු විවාහකර දුන් බව ඔහු වාර්තා කර තිබේ.
කාලයක් පුරාවට කසුකුසුවක් ලෙස තිබු මෙම අදහස, වසර 2009 දී “අප උපන් හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි” යනුවෙන් පොතක් ලියමින් සමාජගත කරන්නේ ගරුතර මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසිනි.

එදා සහ අද ලංකාව යනු එකම පෙදෙසක් නොවේ

අප උපන් මේ රට වර්තමානයේ හදුන්වන්නේ ශ්‍රී ලංකා ලෙසයි.
එම නම භාවිතාවට ගන්නේ වසර 1972 සිටයි. ඉන්පෙර බ්‍රිතාන්‍ය පාලන සමයේ අප රට හැදින්වුයේ සිලෝන් ලෙසයි. එහි අර්ථය වන්නේ සිංහලේ යනුවෙනි. අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් ද, සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, නම් රැසකින් අප රට හදුන්වාතිබේ. මේ එක නමක්වත් රටේ සම්පුර්න නම නොවේ, එය යම් පෙදෙසක යම් කරුණක් නිසා ප්‍රසිද්ධ වූ නමක් මුලික කරගෙන, මේ දුපත සම්පුර්නයෙන්ම පොදුවේ හැදින්වීමට භාවිතා කර තිබේ.
වසර 1815 දී අත්සන් යෙදු උඩරට ගිවිසුමේ, ඇහැලේපොල මහ නිලමේ ඇතුළු ප්‍රාදේශීය පාලක නිලමේවරු අත්සන් තබා ඇත්තේ සිංහලේ වැසියන් ලෙසය.
වසර 1948 දී මෙරටට හිමිවූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වන අතර තවදුරටත් ශ්‍රී ලංකාවේ රජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරවරයා ය. එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුනේ එංගලන්තයේ ආයතනයන්ට ය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත.
අප රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි.ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය සහ එතුමිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගිනි. එය සමස්ත රටම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය. එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි විය.
මෙහිදී නිදහස් රටේ නම , පෙරලෙසම “සිංහලය” නොවී “ශ්‍රී ලංකා” යනුවෙන් වෙනස් කිරීමට හේතුව කුමක්දැයි, පැහැදිලි විග්‍රහයක් නොමැත. රටේ ප්‍රධාන භාෂාව සිංහල බව දැනදැනත්, මහා වංසයේ සදහන් නගරයක් වන “ලංකා” යන නම තෝරාගත්තේ කුමන තර්කයක් ඔස්සේද ? කාගේ උවමනාවටද ?
ඉංග්‍රීසි භාෂාව උපන් රට ඉංග්ලන්ඩ් ලෙස හදුන්වන්නේ භාෂාව හා රට එකම වන නිසාය.
මේ කරුණු වාඩාත් සුක්ෂමව පරික්ෂා කිරීමේදී අපට පෙනී යන්නේ ද්‍රවිඩ නිජබිම්වාදය පෝෂනයකිරීමට යම් අවශ්‍යතාවයක් කා හට හෝ තිබුණු බවය. මෙ රටේ නම වර්තමානයේදීත් සිංහලය ලෙස තිබුනානම්, රටේ නම කියවුන සැනින්ම ද්‍රවිඩ නිජබිම් වාදය මිය යන්නේය.
බුදුන් වහන්සේ ජීවමාන සමය තුල ලංකාව යනු, මේ මුළු දිවයිනම නොවේ. එය නගරයකි පසුකාලීනව පරිපාලන දිස්ත්‍රික්කයක් පමණට විශාල වී තිබේ. මහාවංසයේ සදහන් පරිදි කුවේණිය සිටින්නේ ලංකාවේ නොව සිරිවස්තු පුරයි. විජය පැමිණෙන්නේ ලංකාවට නොව තම්බපන්නියටයි. ලංකාව නගර පාලකයින් සිරිවස්තුපුර ආවාහ මංගල්‍යය කට පැමිණේ. එහිදී කුවේනියගේ උදව්වෙන් ගරිල්ලා සටනක් කරනා විජය ලංකා නගරය යටපත් කරගනී. ඉන්පසුව එම වපසරිය ක්‍රමයෙන් විශාල වේ. එම රාජ්‍යයේ ප්‍රසිද්ධ නම වන්නේ ලංකාව යන්නයි.
බුදුන් වහන්සේ ජීවමාන සාමය තුල ලංකා නගරයට වැඩමවීමක් සිදු නොවේ. පැමිණෙන්නේ මහියංගනය, නාගදීපය, කැළණිය යන නගර වලටයි. එම අවස්ථාවේ ඒවා වෙනත් රජවරුන් විසින් පාලනය කල සවාධින නගර වේ.
විජයගෙන් විශාල වුන ලංකා නගරය, මහාවංසය ලියවෙනවිට විශාල වපසරියක් ආක්‍රමණය කර තිබේ. එබැවින් ඒ වනවිට පෙරකී තම්බපන්නිය සිරිවස්තුපුර ලංකානගර මහියංගනය නාගදීපය කැලණිය මෙන්ම උරුවෙල හා අලුතින් ඉදිවූ අනුරාධ නගරයද ලංකා පාලනය යටතට පැමිණ තිබුණි.

දඹදිව හා ලංකා රාජධානිය එකම බිමක් බවට සාදක

මෙය තහවුරු කරගැනීමට ඇති ක්‍රමය වන්නේ එකී පෙදෙස් අතර සිදුවූ ගමන් වාර්තා විශ්ලේෂණය කර බැලීමයි. මේ සදහා මහාවංශය උපයෝගී කරගනිමු.
බුද්ධ පරිනිර්වාණයේ සිට මහින්දාගමනය තෙක් ලංකාව නම් පරිපාලන දිස්ත්‍රික්කයේ සිට දඹදිව නම් පෙදෙස දක්වා සිදුවූ ගමන් වාර්තා 10 ක් ඇසුරෙන්, දඹදිව ස්ථාන හා ලංකාව යනු වර්තමානයේ සම්මත පරිදි ඉන්දියාවේ කිලෝමීටර 2000 ක් පමණ දුර ස්ථාන නොව මේ රට අභ්‍යන්තරයේ කිලෝමීටර දෙතුන් සියයක් දුර වූ ස්ථාන බව මහාවංසයේ සදහන්වේ. එම ගමන් වාර්තා නම් ,
1- බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය – උරුවෙල/මහියංගනය, එක දිනක් තුල සිදුවූ ගමනකි.
2- බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය – සැවත් නුවර/නාගදීපය එක දිනක් තුල සිදුවූ ගමනකි.
3- මනිඅක්කික නාරජු හා පිරිස දඹදිව යාම – කැලණිය/ සැවත් නුවර, එක දිනක් තුල සිදුවූ ගමනකි.
4- බුදුන් වහන්සේගේ(+500 භික්ෂුන්) තුන්වන ලංකා ගමනය – සැවත් නුවර/කැලණිය, එක දිනක් තුල සිදුවූ ගමනකි.
5- භද්ද කච්චායනා(+32 කාන්තාවන්) ලංකා ගමනය – කපිලවස්තුව/ගෝනගම, එක දිනයක් තුල ගඟේ පහලට පාවී එම.
6- භද්ද කච්චායනා ගේ සහෝදර පිරිස ලංකා ගමනය – කපිලවස්තුව/ගෝනගම ගමන්කාලය සදහන් නොවේ .
7- අරිට්ට ඇමති හා පිරිස අශෝක හමුවීම – අනුරාධපුර/පාටලිපුත්ත, ජලයෙන් දින 7යි, ගොඩබිමෙන් 7යි. (දින 14)
8- අරිට්ට ඇමති නැවත පැමිණීම – පාටලිපුත්ත/අනුරාධපුර, දින 12 ක ගමනකි.
9- අරිට්ට ඇමති හා පිරිස අශෝක හමුවීම – අනුරාධපුර/පාටලිපුත්ත, මෙය මුහුදෙන් හා ගොඩබිමෙන් එක දිනෙන් සිදුවූ ගමනකි.
10 -සඟමිත් තෙරණිය හා පිරිස – ගයාව/අනුරාධපුර, ගඟෙන් දින 7යි, මුහුදෙන් එක දිනයි. මේ අනුව දඹදිව ඉන්දියාව නොව නොව ලංකාවේම කොටසක් බව, තහවුරු වේ.
එපමණක් නොවේ පුජාවලිය රාජාවලිය ධාතුවංසය වංසතප්පකාසිනිය දිව්යාවදානය ආදී මුලාශ්‍ර ගණනාවක් පරිශීලනය කිරීමේදී පුරාන දඹදිව යනු මේ ලංකාවම බවට කරුණු මතුවේ.

බුදුන් වහන්සේ ඉන්දියානුවෙකු ප්‍රකාශ වීමට හේතුව

මෙම කොටස සැකසෙමින් පවතී.

මෙම කොටස සැකසෙමින් පවතී.

මෙම කොටස සැකසෙමින් පවතී.